ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා විජේගේ අවධානය ශ්‍රී ලංකාවටත්
ඉන්දියාවේ ටී.වී.කේ. පක්ෂයේ නායක, ජනප්‍රිය නළු තලපති විජේ, තමිල්නාඩු මැතිවරණය වෙනුවෙන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළියටදාලා තියෙනවා. මේ මැතිවරණය ලබන 23 වැනිදා පවත්වන්න තියෙනවා කියලායි වාර්තා වෙන්නේ.
ඒ ප්‍රකාශයෙන් එයා කියන්නේ, ඉන්දියාවේ ඉන්න ශ්‍රී ලාංකික සරණාගතයින්ට පුරවැසිභාවය ලබාදෙන්න මධ්‍යම රජයට බලපෑම් කරනවා කියලා. ඒ වගේම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙනුත් තමන් පෙනී ඉන්නවා කියලාත් කියලා තියෙනවා.
ඒකට අමතරව, කච්චතිව් දූපත අවට ඉන්දිය ධීවරයින්ට නිදහසේ මසුන් අල්ලන්න තියෙන අයිතිය නැවත ලබාදෙන්නත් බලාපොරොත්තු වෙනවා කියලා එයා සඳහන් කරලා තියෙනවා.
