ඊයේ දින දැදුරු ඔයේ ඛේදවාචකය 6ක් අතුරුදන් දෙදෙනකු හමුවෙයි

කොබෙයිගනේ, කුරිටියාගහමුල මංකඩේ දිය නාමින් සිටි පිරිසක් දියේ ගිලී අනතුරකට ලක්වී දෙදෙනෙක් මියගොස් ඇති අතර තවත් හය දෙනෙක් අතුරුදන් වී ඇතැයි පොලිසිය කියයි.
පුද්ගලයන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙයට ගොදුරු වී ඇති අතර, එහි පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු, කාන්තාවන් 3 දෙනෙකු සහ පාසල් දරුවන් 3 දෙනෙකු ඇතුළත් වෙති. ඉන් දෙදෙනෙකු බේරාගෙන නිකවැරටිය රෝහලට ඇතුළත් කර තිබේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක් වූ පිරිමි පුද්ගලයෙකු සහ 34ක් වූ කාන්තාවක්ය. අතුරුදන්වූවන් අතර වයස අවුරුදු 39 හා 72 පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු, 42ක් වූ කාන්තාවක් සහ වයස 09, 13 හා 18 වූ පාසල් දරුවන් තිදෙනෙකු සිටිති.
කඩවත ප්රදේශයේ සිට පැමිණි ඥාති පිරිසක් සමඟ දිය නාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
අතුරුදන්වූවන් සොයා පොලිසිය, ප්රදේශවාසීන් සහ නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් එක්ව සෝදිසි මෙහෙයුම් සිදු කරමින් සිටියි.
