අපවත් වූ පූජ්‍ය කෝමාරිකේ සුබෝධානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුව 2.00ට විහාරස්ථානයේදී

අපවත් වූ පූජ්‍ය කෝමාරිකේ සුබෝධානන්ද හිමියන්ගේ
ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වන විට උන්වහන්සේ 50 වන වියේ පසු විය. මුල්ලේරියාව සිරි සුමනන්ද පිරිවෙනේ නිර්මාතෘවරයෙකු මෙන්ම දහම් අධ්‍යාපනයට හා රෝගීන් සුවපත් කිරීමට උන්වහන්සේ කළ මෙහෙවර අතිමහත්ය.

පූජ්‍ය කෝමාරිකේ සුබෝධානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීම පිළිබඳ ආදාහන පූජෝත්සවය අද ( 17) සිදු කිරීමට නියමිතයි.

අද දින පස්වරු 2.00 ට අංගොඩ මණ්ඩවිල ශ්‍රී අභය සුමනාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත් සිදු කෙරෙන අතර, අනතුරුව පස්වරු 5.00 ට උන්වහන්සේගේ දේහය රැගත් අවමංගල පෙරහැර විහාරස්ථානයෙන් පිටත් වීමට නියමිතයි.

මෙම පෙරහැර කලපලුවාව සිද්ධාර්ථ විද්‍යාලීය ක්‍රීඩාංගනය වෙත ගමන් කිරීමෙන් පසු, පස්වරු 6.00 ට පමණ එම ක්‍රීඩාංගනයේදී උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පවත්වනු ලබයි.

Share This