වන අලියෙකු පහරදී පුද්ගලයෙකු මියයයි

අම්පාර මහඔය, උණුවතුර බුබුල පොල්ගස්තලාව ප්‍රදේශයේදී වන අලියෙකුගේ ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (15) රාත්‍රියේ එම පුද්ගලයා ගවයින් බැලීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති අතර, වන අලියා විසින් ඔහුට පහරදී ඇතැයි සඳහන් වේ.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ උණුවතුර බුබුල මහතලාව ප්‍රදේශයේ පදිංචි එච්.එම්. සුමනරත්න (වයස 51) නම් පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදුකරමින් පවතී.

Share This