චීන සයිබර් අපරාධකරුවන් පිරිසක් කටුනායක දී අත්අඩංගුවට
පරිගණක මූල්‍ය අපරාධ සඳහා සම්බන්ධ වීමට පැමිණ ඇතැයි සැක සහිත චීන ජාතිකයන් 09 දෙනෙකු අද (16) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සන්තකයේ තිබූ රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂ විසි දහසකට අධික වටිනාකමක් ඇති විද්‍යුත් සන්නිවේදන උපකරණ රේගු නිලධාරීන් විසින් සොයාගෙන සිය භාරයට ගෙන ඇත.
මෙම පිරිස චීනයේ කුංමිං නගරයෙන් අද අලුයම 12.25ට චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් MU-6912 ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබූ බව සඳහන්ය.
ඔවුන්ගේ සිරුර සහ ඇඳුම් තුළ සෙලෝටේප් යොදා සඟවාගෙන පැමිණි ජංගම දුරකථන 383ක්, ටැබ් පරිගණක 101ක් සහ වයිෆයි රවුටර් 06ක් මෙහිදී හමුවී ඇත.
අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන්
ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටී.
