ජනපති අලුත් අවුරුදු චාරිත්‍ර අනුරාධපුර නව නිවසක සමරයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට එක් වෙමින් දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අනුරාධපුර, ගල්නෑව ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න මහතාගේ නව නිවසේ පැවති අලුත් අවුරුදු සැමරුමට අද (14) පෙරවරුවේ එක්වීමි.
පසුගිය නොවැම්බර් මාසයේ සිදු වූ දිට්වා ව්‍යසනයෙන් පූර්ණ හානියට පත් නිවාසවලට ලබා දුන් වන්දි යටතේ මාස තුනක කාලයක් තුළ මෙම නිවස ඉදිකර තිබෙන අතර එය පූර්ණ හානියට පත් නිවාස වෙනුවෙන් ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඉදි කෙරෙන නව නිවාස හයෙන් එකකි. එමෙන්ම මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අර්ධ හානි වූ නිවාස 66කටද මේ වන විට වන්දි ගෙවා අවසන්ය.
මෙම කටයුතු කඩිනම් කර සියලු ලක්වැසි ජනතාවගේ ප්‍රීතිමත් අවස්ථාවක් වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සැමරුමේ සතුට එම පවුල්වල සියලුදෙනා වෙතද උදාකර දීමට ලැබීම පිළිබඳ හෘදයාංගමව සතුටු වෙමි.
එමෙන්ම, දිට්වාද අනතුරුව එළැඹි ගෝලීය අභියෝගයන්ද හමුවේ පරාජය නොපිළිගෙන යළි ගොඩනැගෙන ශ්‍රී ලංකාවේ මිනිසුන් සමඟ සාමූහිකව එකම නැකතකට ඒකාත්මික වන්නට ලැබීමද මහත් සතුටකි.
