ට්‍රම්ප්ගේ සටන් විරාම තීරණයෙන් පසු බොරතෙල් මිල පහළට…
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමත් සමඟම ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
වෙළෙඳපොළ දත්ත අනුව අද උදෑසන 5.45 වන විට WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 95.47ක් දක්වා පහළ ගොස් ඇති අතර එය ඩොලර් 17.48ක පහළ යාමක් ලෙසින් වාර්තා වෙනවා. එය ප්‍රතිශතයක් ලෙස සියයට 15.48ක පහළ යාමක් බව සඳහන් වෙනවා. එමෙන්ම, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.84ක් දක්වා පහළ ගොස් ඇති අතර මර්බන් වර්ගයේ බොරතෙල් මිලද ඩොලර් 106.51ක් දක්වා අඩුවී ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.
මේ අනුව එය පෙර මිලට සාපේක්ෂව සියයට 18.85ක අඩුවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.
