එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා සිකුරාදා ඉස්ලාමාබාද්හිදී

යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානයේ කොන්දේසි ට්රම්ප් පිළිගෙන ඇති බව  කියා සිටිමින් ඉරාන රාජ්‍යය රූපවාහිනිය නිවේදනයක් නිකුත් කළ අතර එය අමෙරිකානු ජනාධිපතිවරයාගේ නින්දා සහගත පසුබැසීමක් ලෙසද විස්තර කරයි. එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා සිකුරාදා ඉස්ලාමාබාද්හිදී ආරම්භ වන බවයි ඉරානය වැඩි දුරටත් පවසනවා.

ඉරානයට එරෙහි ප්රහාර නතර වුවහොත් ටෙහෙරානය සිය ප්රහාර නවත්වන බවත්, ඉරාන සන්නද්ධ හමුදා සමඟ සම්බන්ධීකරණයෙන් සති දෙකක් සඳහා හෝර්මුස් සමුද්ර සන්ධිය හරහා ආරක්ෂිත ගමනාගමනය කළ හැකි බවත් ඉරාන විදේශ අමාත්ය අබ්බාස් අරග්චි අද (08) බදාදා නිවේදනයක් නිකුත් කරමින් පැවසූ බව රාජ්ය මාධ්‍ය සඳහන් කරනවා.

“ඉරානය එක්සත් ජනපදයට එරෙහිව ඓතිහාසික ජයග්රහණයක් ප්රකාශ කරයි, සතුරාට අපගේ යෝජනාව පිළිගැනීමට බල කර තිබේ” යි ඔවුන් පවසා තිබේ.

ප්රකාශයට අනුව, එක්සත් ජනපදය වොෂින්ටනයට මූලික වශයෙන් කැපවන කරුණු 10 කින් යුත් යෝජනාවකට එකඟ වී ඇත.

 

Share This