දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද 2න් පසුව වැසි තත්වයක්

උතුරු, නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර පළාතෙත් පුත්තලම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවද  මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසනවා.

සූර්යයා උතුරට ගමන් කිරීමේදී  අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බවද  අද (06) දින දහවල් 12:13 ට බේරුවල, ගුරුළුබැද්ද, රක්වාන, ගොඩකවෙල, උඩවලව සහ තණමල්විල යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.

Share This