අප්‍රේල් 10ට පෙර වත්කම් බැර­කම් නොදු­න්නොත් මහි­න්දට නඩු – දින දික් කරන්න බෑ – අල්ලස් කොමි­සම කියයි

ලබන 10 වැනි­දාට ප්‍රථම සිය වත්කම් බැර­කම් හා පවුලේ වත්කම් බැර­කම් දිවු­රුම් ප්‍රකා­ශ­යක් මඟින් ලබා දෙන්නැයි හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාට අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව ලිඛි­තව දැනුම්දීමක් කර තිබෙනවා.

හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සහ පවුලේ අය සම්බ­න්ධ­යෙන් 2010 සිට 2015 දක්වා කාලයේ ආරම්භ කරන ලද පරී­ක්ෂ­ණ­ය­කට සම්බන්ධව මෙම ප්‍රකාශ ලබා දෙන ලෙස නොතී­සි­යක් නිකුත් කර­මින් අල්ලස් කොමි­සම මේ දැනුම් දීම කර තිබෙනවා.

දූෂණ විරෝධී පනත යටතේ කොමි­ස­මට පැවරී ඇති බල­තල අනුව මෙම නොතීසි නිකුත් කර ඇති අතර, අදාළ කාල­සී­මාව තුළ වත්කම් ප්‍රකාශ ඉදි­රි­පත් කිරී­මට අපො­හො­සත් වුව­හොත් ඔවුන්ට එරෙ­හිව නීති­මය පිය­වර ගන්නා බව ද කොමි­සම හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාට දන්වා යවා ඇත.

විම­ර්ශන දිගු කාල­යක් ප්‍රමාද වී ඇති බැ­වින් අප්‍රේල් 10 වැනි දිනෙන් පසු අවශ්‍ය තොර­තුරු ලබා දීමට රාජ­පක්ෂ මහ­තාට තවත් කාල­යක් ලබා නොදෙන බව ද අල්ලස් කොමි­සම වැඩිදුරටත් දැනුම්  දී තිබේ.

Share This