පොලොන්නරුවේ පිල්ලයාන්ගේ වධකාගාරයක්! පුද්ගලයන් රැගෙනවිත් වධ දී ඝාතනය කරලා

පොලොන්නරුව, සෙවණපිටියේ පවත්වාගෙන ගිය වධකාගාරයක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන වෙත කරුණු වාර්තා කර තිබේ.
ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් මේ වධකාගාරය පවත්වාගෙන යනු ලැබ ඇති අතර, එහි සේවයට යොදවා තිබූ දෙදෙනකු මීට අදාළ කරුණු රැසක් අනාවරණය කර ඇත. විවිධ පුද්ගලයන් මේ ස්ථානයට රැගෙනවිත් වධ-හිංසාවලට ලක් කොට, ඝාතනය කළ බවට තොරතුරු රැසක් ඒ අනුව හෙළි වී තිබෙන අතර, ඉදිරියේදී මේ පිළිබඳ තවත් සාක්ෂි රැසක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. එලෙස ඝාතනය කරන ලද පිරිසගේ සිරුරු කඳවුර අවට වළ දමා ඇති බවටද කරුණු අනාවරණය වී ඇත.
