උතුරු කොරියාවේ “කුමරියගේ” විලාසිතා අනුකරණය කළොත් හිරේ! – කිම් ජොං-උන්ගෙන් අලුත්ම නියෝගයක්.

​උතුරු කොරියානු නායක කිම් ජොං-උන්ගේ ආදරණීය දියණිය වන කිම් ජු-ඒ (Kim Ju-ae) ගේ විලාසිතා අනුකරණය කිරීම එරට සාමාන්ය වැසියන්ට දැන් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. රජයේ බලධාරීන් පවසන්නේ නායකයාගේ පවුලේ සාමාජිකයන්ට පමණක් වෙන් වූ “උත්තරීතර ගෞරවය” ආරක්ෂා කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවය.
​තහනම් කර ඇති දේවල් අතරට මේවා අදාල වේ.
​කොණ්ඩා මෝස්තර: කිම් ජු-ඒ ප්රසිද්ධ උත්සවවලදී භාවිත කරන අර්ධ-දිගු (Semi-long) කොණ්ඩා මෝස්තරය අනුකරණය කිරීම.
​විලාසිතා: ඇය අඳින දිගු කබා (Long coats) සහ සුවිශේෂී ඇඳුම් විලාසිතා සාමාන්ය කාන්තාවන් භාවිත කිරීම.
මෙම නීති කඩ කරන අය “සමාජවාදී විරෝධී” පුද්ගලයන් ලෙස සලකා දැඩි දඬුවම් පමුණුවන බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
තවද උතුරු කොරියාව තුළ වැසියන්ට තෝරාගත හැක්කේ රජය විසින් අනුමත කරන ලද නිශ්චිත කොණ්ඩා මෝස්තර කිහිපයක් පමණි. පාලක පවුලේ සාමාජිකයන්ගේ පෙනුමට සමාන වීමට උත්සාහ කිරීම එරට තුළ සැලකෙන්නේ බරපතල අපරාධයක් ලෙසිනි.
මේ හේතුන් නිසා ​”අනුකරණය කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා!” යැයි උතුරු කොරියානු බලධාරීන් වැසියන්ට අනතුරු අඟවයි.
Share This