Belavia ගුවන් සේවය අප්‍රේල් මාසයේ දී මත්තලට

බෙලරුස් රාජ්‍යයට අයත් බෙලාවියා ‘Belavia’ ගුවන් සේවය, අප්‍රේල් මාසයේ දී මින්ස්ක්  ‘Minsk’ ජාතික ගුවන්තොටුපළේ සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර ඇත. ගුවන් සේවයට සදහන් කරන පරිදි මත්තල දක්වා මෙම විශේෂ ගුවන් ගමන් අප්‍රේල් 3 සහ 14 යන දිනවල ක්‍රියාත්මක වීමට නියමිතවේ.

ජනප්‍රිය සංචාරක ගමනාන්ත සහ රුසියාවේ දුරස්ථ ප්‍රදේශ ඇතුළුව ගමනාන්ත 34ක් සඳහා මෙම කාලසටහන සකස් කර ඇත. කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායල ගුවන් බලධාරීන් විදේශීය ගුවන් යානා සඳහා ගුවන් සීමා, සීමා කිරීමට ගත් තීරණය මත, බෙලාවියා ගුවන් සේවය ටෙල් අවිව් දක්වා වූ ගුවන් ගමන් අවලංගු කිරීම අප්‍රේල් 16 දක්වා දීර්ඝ කර ඇත.

කලාපීය නොසන්සුන්තා මධ්‍යයේ වුවද, බෙලාවියා ගුවන් සේවය පහත සඳහන් නගර සඳහා සිය ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත –

මත්තල, දිල්ලි, ඩුබායි, අල්මාටි, අස්තානා, බකු, බටුමි, යෙකටරින්බර්ග්, යෙරෙවන්, කසාන්, කලිනින්ග්‍රෑඩ්, Cam Ranh/Nha Trang (වියට්නාමය), කුටයිසි, මොස්කව්, මකච්කාලා, මුර්මන්ස්ක්, සැන්යා, ශාන්ත පීටර්ස්බර්ග්, සෝචි, ඉස්තාන්බුල්, තෂ්කන්ට්, ටිබිලිසි, ටෙල් අවිව්, ටර්ක්මෙන්බාෂි සහ උරුම්කි.

Share This