‘ට්‍රම්ප්’ගේ ප්‍රකාශයත් සමග ආසියානු බොරතෙල් ගින්න නිවී යයි!

ආසියානු වෙළෙඳපොළ තුළ අද (10) උදෑසන ගනුදෙනු ආරම්භයේදී බොරතෙල් මිල පහළ වැටී තිබේ.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 8.5%කින් පමණ පහළ වැටී ඩොලර් 92.50ක් ලෙස සටහන් වී ඇති බව වාර්තා වේ.
එමෙන්ම අමෙරිකානු වෙළෙඳපොළේ ද බොරතෙල් මිල ද 9% කින් පමණ පහළ ගොස් ඇති අතර එහි බැරලයක මිල ඩොලර් 88.60ක් ලෙස සටහන්ව ඇත.
මෙම මිල ගණන්, යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ පැවති මිලට වඩා 30%කින් පමණ ඉහළ මට්ටමක තවදුරටත් පවතී.
කෙසේවෙතත් තෙල් මිල මෙලෙස පහළ වැටී ඇත්තේ ”යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවට” අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයත් සමඟිනි.
තෙල් මිල පහළ වැටීමත් සමඟ ආසියානු කොටස් වෙළෙඳපොළ තුළ නව උද්යෝගයක් ඇති වී තිබේ.
