CEB එකට ආයුබෝවන් කියා EDL එයි

2024 අංක 36 දරන විදුලිබල පනත මගින් හඳුන්වා දෙන ලද ප්‍රතිසංස්කරණවලට අනුකූලව, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සතුව පැවති විදුලි බෙදාහැරීමේ කාර්යයේ වගකීම ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් (EDL) වෙත පවරා ඇත.

විදුලි බෙදාහැරීමේ අංශයේ කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙම ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ බව සඳහන් වේ. ඒ අනුව මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීමේ වගකීම EDL සමාගම වෙත පවරා තිබේ.

මෙම පියවර මගින් මහජනතාව සමඟ වඩාත් සමීප සබඳතාවක් ගොඩනගමින් පාරිභෝගික කේන්ද්‍රීය විදුලි සැපයුම් සේවාවක් සහතික කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

Share This