2026 වසරේ ගෙවුණු මාස දෙකට රිය අනතුරු 3,600 ඉක්මවයි

2026 වසරේ ගෙවුණු මාස දෙකක කාලය තුළ රිය අනතුරු 3600කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.  ජනවාරි මස පළමු වනදා සිට මාර්තු 2  දක්වා කාලය තුළ පමණක් අනතුරු 3642ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පවසයි.

මාරක රිය අනතුරු 405ක් සිදුව ඇති අතර ඉන් මියගිය සංඛ්‍යාව 422ක් බව සඳහන් වේ.

සුළු තුවාල අනතුරු 1730ක් සහ බරපතළ අනතුරු 866ක් වාර්තා වී ඇති අතර සහ අලාභ හානි සිදු වූ අනතුරු 641ක් වාර්තා වූ බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

Share This