ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය හෙට සිට
05 වැනි ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය 2026 හෙට (10) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්දෙයි. සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන ලෙස විශේෂයෙන් පාසල් සිසුන්ගේ හා වැඩිහිටි වයස් වශයෙන් අහඹු ලෙස තෝරා ගත් 10,000ක නියැදියක දත්ත එකතු කිරීම මෙමඟින් සිදු කරන අතර නොවැම්බර් මස දක්වා මෙම සමීක්ෂණය සිදු කිරීමට බලාපෛාරොත්තු වන බව එම අමාත්‍යාංශය සදහන් කරයි.
වසර 10කට වරක්වත් ජාතික මට්ටමේ මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් සිදු කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization) නිර්දේශ කර ඇත. එවිට මුඛ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනීමට එය රුකුලක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පෙන්වා දෙයි.
පාසල් දරුවන්ගේ දත්ත පාසල් තුළදීම සහ වැඩිහිටියන්ගේ දත්ත නිවෙස් වෙත ගොස් ලබා ගැනීමට නියමිත අතර, එහිදී මුඛ සෞඛ්‍යයට අදාළ ප්‍රශ්නාවලියක් සම්පූර්ණ කර ගැනීමටත්, මුඛ සෞඛ්‍ය පරීක්ෂාවක් සිදු කිරීමටත් ඒහිදී නියමිතය.
මෙම සමීක්ෂණයේදී ලබාගන්නා දත්ත ඉදිරි සේවා සැලසුම් කිරීමට අතිශය වැදගත් වන නිසා අදාළ සමීක්ෂණ කටයුතු සඳහා නිවෙස් වෙත සහ පාසල් වෙත පැමිණෙන වෛද්‍ය කණ්ඩායම් සඳහා උපරිම සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
