සුවය ලැබූ නාවිකයින් 22 දෙනෙකු කොග්ගල ගුවන් හමුදා කඳවුරට
කරාපිටිය රෝහලේ ප්රතිකාර ලබා සුවය ලැබූ IRIS Dena නෞකාවේ නාවිකයින් 22 දෙනෙකු කොග්ගල ගුවන් හමුදා කඳවුර වෙත යොමු කර තිබේ.
නැව ප්රහාරයට ලක්වූයේ පසුගිය මාර්තු 4 වෙනිදා ගාල්ල වරායට නාවික සැතපුම් 40ක පමණ දුරින් තිබියදීය. එහිදී ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි 35 දෙනෙකු ශ්රී ලංකා නාවික හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් විසින් ගොඩබිමට රැගෙන එනු ලැබීය. ඉන් අනතුරුව ඔවුන්ව ගාල්ල,
කරාපිටිය රෝහල වෙත ප්රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබීය.
