ඉරාන නැව ගැන ජනපති තීරණයට පාඨලීගෙන් ප්‍රශංසා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දෙවැනි ඉරාන නැවේ මගීන් මුදා ගැනීමට ගත් එඩිතර තීරණයට ගෞරවය පුද කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
චම්පික රණවක මහතා සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් මේ බව පවසා සිටී. ඒ් සටහන මෙසේය
.
“ශ්‍රී ලාංකීය අනන්‍යතාවය රකිමින්, මානුශීය දයාව අන් සියල්ලට ඉහලින් ඇතිබව ලොවට පෙන්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් එඩිතර තීරණයට අපගේ ගෞරවය”
