ඉරානයෙන් පැනගිය සුරූපිනිය

ගොල්ෂිෆ්ටේ ෆරාහානි කියන්නේ ඉරාන සිනමාවෙන් ලෝකයට බිහිවුණු අති දක්ෂ නිළියක්. හැබැයි ඇයගේ ජීවිත කතාව රංගනයටත් වඩා හරිම සංකීර්ණයි.
ඇයව ලෝකයම හඳුනාගත්තේ ‘About Elly’ (2009) කියන සිනමාපටයෙන්. අස්ගාර් ෆර්හාදිගේ මේ නිර්මාණය ජාත්‍යන්තර සම්මාන උළෙලවල් වලදී ලොකු පෙරළියක් කළා.
2009 වසරේ Tribeca උළෙලේදී හොඳම චිත්‍රපටය වෙන්නෙත්, Berlin ජාත්‍යන්තර සිනමා උළෙලේදී ‘Silver Bear’ සම්මානය දිනාගන්නෙත් මේ චිත්‍රපටයමයි.
ඇයගේ ජීවිතය වෙනස් වෙන්නේ ඇය හොලිවුඩ් නළුවෙකු වන ලියනාඩෝ ඩිකැප්රියෝ සමඟ ‘Body of Lies’ චිත්‍රපටයේ රඟපාන්න ගිහින්. ඒකට හේතු දෙකක් තිබුණා.
ඉරාන බලධාරීන් මේක සැලකුවේ බටහිර රටවල් කරන ප්රචාරක (ප්‍රොපග්‍රැන්ඩා) වැඩකට ඇය උදව් කළා වගේ වැඩක් විදිහට.
ඒ වගේම ඒ කාලයේ ඉරාන නීතියට අනුව හිජාබය පැළඳිය යුතු වුණත්, ඇය ඒ නීතිය උල්ලංඝනය කළා කියලා චෝදනා එල්ල වුණා.
මේ ප්‍රශ්න නිසා 2009 අවුරුද්දෙන් පස්සේ ඇයට තමන්ගේ රටට යන්නවත්, එහේ වැඩ කරන්නවත් අවසර ලැබුණේ නැහැ.
රට අහිමි වුණත් ඇය සැලුනේ නැහැ. ඇය ප්‍රංශයේ පැරිස් නුවර පදිංචියට ගියා. එහේදී ඇය Martin Scorsese වැනි දැවැන්තයින් සමඟ Marrakech ජාත්‍යන්තර සිනමා උළෙලේ විනිශ්චය මණ්ඩල සාමාජිකාවක් විදිහට පවා කටයුතු කළා.
ඒ වගේම ලෝක ප්‍රකට අධ්යක්ෂවරුන් රැසක් යටතේ වැඩ කරන්න ඇයට අවස්ථාව ලැබුණා.
2012 දී ඇය රඟපෑ ‘The Patience Stone’ චිත්‍රපටය විචාරකයින් අතරේ හරිම ජනප්‍රිය වුණා. ඒ වගේම ප්‍රංශයේ ගෞරවනීය César Award සම්මාන උළෙලේදී “වඩාත්ම බලාපොරොත්තු තැබිය හැකි නිළිය” (Most Promising Actress) කියන අංශයටත් ඇයගේ නම ඇතුළත් වුණා.
