ඉන්දියානු සාගරය සදාකාලිකවම “සාම කලාපයක්” – එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය

1971 දෙසැම්බර් 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද ඓතිහාසික යෝජනාව (2832 යෝජනාව) මගින් ඉන්දියානු සාගරය සදාකාලිකවම සාම කලාපයක් (Zone of Peace) ලෙස ප්‍රකාශයට පත් කළ බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක වන මාර්ක්-ඇන්ඩ්‍රේ
x ගිණුමේ සටහනක් තබමින් පවසනවා.
මෙමගින් මහා බලවතුන්ගේ මිලිටරි තරග ය නැවැත්වීම, යුද කඳවුරු ඉවත් කිරීම සහ සාගරයේ ආරක්ෂාව හා ස්වාධීනත්වය තහවුරු කිරීම අරමුණු කෙරෙනවා.
මෙහි මූලිකම අරමුණ වන්නේ ඉන්දියානු සාගර කලාපය තුළ මහා බලවතුන්ගේ (විශේෂයෙන් සීතල යුද්ධ සමයේ) නාවික හා මිලිටරි තරගකාරීත්වය වැළැක්වීමයි.
මෙහිදී ඉන්දියානු සාගරය තුළ යුද කඳවුරු ඉවත් කිරීම, න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීම් නැවැත්වීම සහ සාගරයේ ආරක්ෂාව තහවුරු කිරීම යනාදී ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.
ශ්‍රී ලංකාව ඇතුළු නොබැඳි රටවල (Non-Aligned Movement) දැඩි මැදිහත්වීම මත මෙම යෝජනාව ගෙන ආ බවද සඳහන්.
කෙසේ වෙතත්, දශක ගණනාවක් ගත වුවද, බල දේශපාලනය සහ වාණිජ උපාය මාර්ග හේතුවෙන් මෙම කලාපය සාම කලාපයක් ලෙස සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම තවමත් අභියෝගාත්මක වී තිබෙනවා.
