දුරකතනය සොයා දුන්නාට දඹුල්ල පොලිසියට සංචාරකයාගෙන් තුති…
ස්විස්ටර්ලන්තයේ සිට මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි (28) හැවිරිදි ගුරුවරයකු වූ Gian Muller මහතා මහනුවර සිට අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකින් දඹුල්ල බලා ගමන් කරන අවස්ථාවේදී ඔහුගේ ඇපල් වර්ගයේ ජංගම දුරකතනය අස්ථානගත වී ඇති බව දැන ගෙන රථවාහන රාජකාරි කරමින් සිටි දඹුල්ල රථවාහන පොලීසියේ පොලිස් සැරයන් (46389) යූ.කේ. නිහාල් මහතා වෙත දැනුම් දී ඇත. වහා ක්රියාත්මක වූ පොලිස් සැරයන්වරයා සංචාරකයාගේ ප්රවේශ පත්රයේ තිබූ දුරකතන අංකය හරහා බස් රථයේ හිමිකරුට අමතා රථයේ රියැදුරුගේ සහ කොන්දොස්තරවරයාගේ ඇමතුමක්දී බස් රථය තුළ තිබූ ජංගම දුරකතනය සොයා ගෙන සංචාරක තරුණයාට බාර දී ඇත.
