2028 දී සමුගන්න තවම තීරණය කර නෑ…
ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් පවසා සිටින්නේ තමන් ඉදිරියේදීත් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රිකට් පිටියට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්. 2028 ඔලිම්පික් හෝ ලෝක කුසලානයෙන් අනතුරුව පිටියෙන් සමුගැනීමට තමන් දැන්ම තීරණය කර නොමැති බවත්ය. 37 වියැති මැක්ස්වෙල්ට 2028 ලෝක කුසලානය වන විට වයස අවුරුද 40 ක් වනු ඇත. මැක්ස්වෙල් මේ වන විට සිය සුපුරුදු රිද්මයෙන් තරමක් තොරව සිටින අතර අවසන් විස්සයි20 ඉනිම් 15 දී ඔහු අර්ධ ශතක වාර්තා කර ඇත්තේද 1 ක් පමණි.

