ඩුබායි සහ රියාද් ශ්‍රී ලංකන් ගුවන් ගමන් අද අවලංගුයි

එක්සත් අරාබි එමීර් රාජ්යයේ ඩුබායි සහ සෞදි අරාබියේ රියාද් නගර දක්වා අද පියාසර කිරීමට නියමිතව තිබූ ශ්රී ලංකන් ගුවන් සේවයේ සියලුම ගුවන් ගමන් වාර අවලංගු කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්යය සිය ගුවන් කලාපය තාවකාලිකව විවෘත කිරීමත් සමඟ මගීන්ගේ පහසුව උදෙසා එමිරේට්ස්, ෆිට්ස් එයාර්, ෆ්ලයි ඩුබායි සහ සලාම් එයාර් යන ගුවන් සමාගම් මගින් විශේෂ ගුවන් ගමන් වාර කිහිපයක් ගමන් කරවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය අවසර ලබා දී ඇත.

Share This