මතුගම නිවසකට වෙඩි ප්රහාරයක් – කිසිවෙකුටත් හානියක් නෑ
අද (05) අලුයම 3 ට පමණ මතුගම ප්රදේශයේ නිවසක් ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි ප්රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, නිවසට පමණක් හානිවී ඇති බවයි මතුගම පොලිසිය පවසන්නෙ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතිනවා.
