භාණ්ඩ රැසක සෙස් බද්ද අදියර කීපයකින් ඉවතට
නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ තරගකාරිත්වය වර්ධනය, අපනයනය මූලික කරගත් ආර්ථිකයේ වර්ධනයක් ඉලක්ක කර ගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන එනු ලැබූ සෙස් බද්ද සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 2634 ක් සදහා වසර හතරක් තුළදී ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
භාණ්ඩ මිල අසීමිත ලෙස ඉහළ යාම වළක්වා ගැනීම, දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනය, දිරිගැන්වීම, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ලංකාවේ නිෂ්පාදනවල තරගකාරිත්වය අඩුවීම වළක්වා ගැනීම තුළින් අපනයන වෙළඳපොළ වර්ධනය කරගැනීම, ලෝක වෙළඳ ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කිරීම ඇතුළු අරමුණු ගණනාවක් සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (04) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේය.
