ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කෙරේ
පනත් කෙටුම්පත ගැසට් කිරීමට කැබිනට් තීරණයක්. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර 2009 අංක 25 දරණ පනත මගින් ස්ථාපිත තනතුරකි. එකල යුධහමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ඉලක්ක කර ගනිමින් මෙම තනතුර ස්ථාපිත කළ බවටද විවිධ චෝදනා තිබේ.
කෙසේ නමුත් මෙවැනි තනතුරක් අවශ්‍යතාවයක් නැතැයි ආරක්ෂක අංශය තීරණය කිරීමෙන් පසු පසුගිය පෙබරවාරි 24 වැනිදා කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව ඒ වෙනුවෙන් සකස් කළ පනත් කෙටුම්පතට නීතිපති නිෂ්කාශන ලැබී තිබේ. එය රජයේ ගැසට් පත්‍රයේ පලකර පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

