සරණගේ නඩු හතරේ තීන්දු අප්‍රේල් 30
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ එම ආයතනයට කුයට වාහන මිලදී ගැනීමෙන් රජයට පාඩු කළැයි චෝදනා මත හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩු හතරක තීන්දුව අප්‍රේල් මස 30 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කරයි. මෙම නඩුව ඊයේ (03) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ කැඳවනු ලැබ තිබිණි. එහිදී නඩූවේ පාර්ශවකරුවන් විසින් වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් කර තිබේ. ඉන් අනතුරුව විනිසුරුවරයා නියෝග කර තිබෙනුයේ මෙම නඩු හතරේ තීන්දුව අප්‍රේල් මස 30 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.
