අරාබි යුද්ධය නිසා තැපැල් මගින් බඩු රට යවන්න පරක්කු වෙයි

මැදපෙරදිග කලාපයේ පවතින යුධමය තත්ත්වය හේතුවෙන් විවිධ රටවල් වෙත භාණ්ඩ යැවීමේ කටයුතු වලට බාධා එල්ල වී ඇති බව තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී. සත්කුමාර මහතා පවසනවා. පසුගිය සිකුරාදා භාරගත් භාණ්ඩ පවා මේ වනවිටත් යැවීමට නොහැකි වී ඇති බව ඒතුමා සදහන් කරන්නේ. මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර භාවය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට භාණ්ඩ යැවීම සීමා වී තිබෙන බවත් ඇතැම් භාණ්ඩ යැවීමේදී බාධා ඇතිවිය හැකි බවයි. මෙයට විශේෂ හේතුව වන්නේ ඒම ලාපය වෙත සිදුකරන ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් අවලංගු වීම ජාත්‍යන්තර තැපැල් සේවා කටයුතුවලට සෘජුවම බලපෑමට ලක්ව ඇත බවයි.

Share This