O/L ප්‍රතිඵල සිංහල අවුරුද්දෙන් පෙස්සෙ
අ.පො.ස. සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 30න් පසුව ප්‍රකාශයට පත්කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සදහන් කර තිබේ . මෙවර විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ මස 12 වැනිදා සිට අප්‍රේල් 10 වැනිදා දක්වා අදියර දෙකක් යටතේ පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය සදහන් කරයි. පළමු අදියර ලබන 12 සිට 23 දක්වාත්, දෙවැනි අදියර අප්‍රේල් 01 සිට 10 දක්වාත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයිද ලියනගේ මහත්මිය පැවසුවාය. විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අප්‍රේල් 22 සිට 30 දක්වා පැවැත්වෙන ඒතුමිය පැවසුවාය . රායෝගික පරීක්ෂණ අවසන් වූ වහාම විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ දිනය තීරණය කරන බව විභාග කොමසාරිස් ජනරාල් ප්‍රකාශ කර තිබේ.
