ඉරාන නෞකාවක් ගාලූ මුහුදේ අනතුරක – නැවේ සිටි නාවික හමුදා භටයන් 35ක් බේරාගැනේ
ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 40ක් පමණ දුරින් අනතුරට ලක්ව තිබේ. ඒ අනුව එහි කාර්ය මණ්ඩලය මුදා ගැනීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ඔහු පැවසීය. ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ඇති සමුද්‍රීය වෙළෙඳ කලාපයේදී මෙම යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවයි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රාවක් එහි කාර්ය මණ්ඩල මුදා ගැනීම සඳහා අදාළ මුහුදු කලාපය වෙත යොමු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසීය. දැනට නෞකාවේ සිටි 35 දෙනෙකු මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් විසින් ගොඩබිමට රැගෙන එමින් පවතී.
තවද ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නෞකාව අනතුරට ලක්වූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සඳහා නිරීක්ෂණ ගුවන් යානයක් යොමු කර තිබේ. මේ අතර අද (04) දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ අදාළ නෞකාව අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් මුහුදේදී නොවන බවය. අදාළ නෞකාව මේ වනවිට ගිලෙමින් පවතින බවට නාවික හමුදාවට ලද පණිවුඩයක් අනුව බේරාගැනීමේ මෙහෙයුම් දියත් කළ බවද අමාත්‍යවරයා පැවසීය.
