අපිට දිගටම ගැහුවොත් මැදපෙරදිග සියලු ආර්ථික මධ්‍යස්ථානවලට පහර දෙනවා

ඉරානයෙන් තියාණු අනතුරු ඇඟවීමක්: ඊශ්‍රායල-ඇමරිකානු ප්‍රහාර අඛණ්ඩව පැවතුනහොත් මැදපෙරදිග ආර්ථික මධ්‍යස්ථාන ඉලක්ක කරන බවට තර්ජනයක්

ඉරානය ඊශ්‍රායලයට සහ ඇමරිකා එක්සත් ජනපදයට තියුණු අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ජෙනරාල් ඊබ්‍රහිම් ජබ්බාරි විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, ඊශ්‍රායලය සහ ඇමරිකාව දිගටම ප්‍රහාර එල්ල කරන්නේ නම්, මැදපෙරදිග පිහිටි සියලුම ආර්ථික මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි.

ආර්ථික යුද්ධයක් දක්වා මෙම ගැටුම උත්සන්න විය හැකි බවට සංඥා කරමින්, ජෙනරාල් ජබ්බාරි වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, ආර්ථික මධ්‍යස්ථානවලට එරෙහි ප්‍රහාර සඳහා සැලසුම් සකස් කර ඇති බවයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා බොරතෙල් මිල ඉහළට

මේ වන විට උපායමාර්ගික වැදගත්කමක් ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමූ බව ද ඉරානය නිවේදනය කර ඇත. එම නිවේදනයත් සමඟම ගෝලීය වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. වත්මන් මිල ඩොලර් 80 ඉක්මවා ඇති අතර, ඉදිරියේදී එය ඩොලර් 200 දක්වා ළඟා විය හැකි බවට ද ජෙනරාල්වරයා අනතුරු අඟවා ඇත.

ඉරාන ජීවිත 700කට අධික ප්‍රමාණයක් හානියට

මෙම ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ද වාර්තා වේ. ඉරාන රතු අඩ සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මේ වන විට පුද්ගලයින් 700කට අධික පිරිසක් මියගොස් ඇති බවයි. මෙම ඛේදවාචකය හමුවේ ඉරානය තම ප්‍රතිප්‍රහාර සාධාරණීකරණය කරනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Share This