අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන වැසියන් 787කට දිවි අහිමි වෙයි. ළමුන් 176ක්ද ඒ අතර….
මේ දක්වා අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයට සිදුව ඇති බලපෑම ඉරානයේ රතු කුරුස සංගමය විසින් යාවත්කාලීන කර තිබෙනවා. ඒ අනුව ප්‍රහාර හමුවේ පුද්ගලයින් 787කට දිවි අහිමි වී ඇති අතර ඉන් 176 දෙනෙකු ළමුන් බවයි එම සංගමය සඳහන් කරන්නේ.
මෑත කාලීන ප්‍රහාරවලින් රට පුරා අවම වශයෙන් නගර 153 ක් පීඩාවට පත්ව ඇති බව සඳහන් කරනවා.
ගලවා ගැනීමේ සේවකයින් සෝදිසි මෙහෙයුම් දිගටම සිදුකරන බවත්, සුන්බුන් ඉවත් කිරීම, තුවාල ලැබූවන් මාරු කිරීම සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන බවත් එම නිවේදනයේ සඳහන් වෙනවා .
