සරණට එරෙහි නඩු හතරක තීන්දුව අප්‍රේල් 30
2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම ආයතනයට කුලී පදනම මත වාහන මිලදී ගැනීමේදී රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩු හතරක තීන්දුව අප්‍රේල් මස 30 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළේය.
ඉකුත් යහපාලන රජය සමයේ සරණ ගුණවර්ධන මහතාට එරෙහිව ගොනු කර තිබු මෙම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ කැඳවනු ලැබීය. එහිදී නඩූවේ පාර්ශවකරුවන් විසින් වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් විය.
ඉන් අනතුරුව මෙම නඩු හතරේ තීන්දුව අප්‍රේල් මස 30 වනදා ප්‍රකාශයට පත් කරන බව විනිසුරුවරයා නියෝග කළේය.
අල්ලස් කොමිසම විසින් මෙම නඩු ණි.
