ඉරානයෙන් දැඩි ප්‍රහාර මාලාවක්……

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය මැද පෙරදිග කලාපයේ රටවල් නවයක පිහිටි ඇමෙරිකා හමුදා කඳවුරු 27 කට සහ ඊශ්‍රායලයේ ආරක්ෂක හමුදා මූලස්ථානය සහ ටෙල් නොෆ් ගුවන් හමුදා කඳවුරුවලට හයවැනිවරටත්  දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කළ  බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී . ඒ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි  ඝාතනයට පිළිතුරක් වශයෙනි.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය  නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ අප ලබාදෙන ප්‍රතිචාරය ඉතාමත් දරුණු හා වේදනාකාරී එකක් වනු ඇති බවයි. එසේම අමෙරිකානු නෞකා සඳහා උණ්ඩ සහ ඉන්ධන රැගෙන ගිය නෞකා දෙකක් ද විනාශ කර දැමුණු බව එම ආරක්ෂක බළකාය පවසයි.

කුවේට්හි අබ්දුල්ලා මුබාරක් ප්‍රදේශයේ පිහිටි ඇමෙරිකානු නාවික හමුදා කඳවුරේ ගොඩනැගිලි සම්පූර්ණයෙන් විනාශ කර දැමූ බවත් ඉන් ඇමෙරිකානු හමුදා සෙබළුන් විශාල පිරිසක් මරණයට පත්වූ බවත් ඔවුන් පවසති.

 

Share This