සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්  හෙළා දකින බව  පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශකළ නාමල් රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකාව යුද්ධයේ භයානක බව හොඳින්ම දනී. දශක ගණනාවක යුද්ධය අපේ ජීවිතවලට බොහෝ පාඩම් ඉගැන්වීය. ඒ් නිසා මොනයම් ආකාරයේ හෝ  ප්‍රචණ්ඩත්වය දැඩි ලෙස හෙළා දකින බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටී.

“ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය සමඟ ගෝලීය ගැටුම් අපට සෘජුවම බලපායි. කුඩා ජාතීන්ට මහා බල ගැටුමකම උණුසුම හොදින්ම දැනේ. එයින්  බලශක්තිය සහ සැපයුම් ජාලයන්ට ඇති වන බාධා, ජීවනෝපායන්, වෙළඳපොළවල් සහ අත්‍යවශ්‍ය සේවාවන්ට දැඩි ලෙස බලෑම් එල්ල කරයි. ශ්‍රී ලංකා රජය මෙම අවදානම බලාපොරොත්තු වියයුතු අතර සිය සැලසුම් ශක්තිමත් කර ගත යුතුව ඇති බවත් ඔහු සදහන් කරයි.

බලපෑමට ලක් වූ කලාපවල ජීවත් වන සහ වැඩ කරන සියලුම ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිත යැයි මම බලාපොරොත්තු වෙමි.