ජනවාරියේ අපනයන ආදායම ඩොලර් මිලියන 1,500 පනී

2026 ජනවාරි මාසයේ මෙරට සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,552ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

එහි සභාපති මංගල විජේසිංහ මහතා අනුව, මෙය පසුගිය වසරට සාපේක්ෂව 13.7%ක වර්ධනයකි.

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 1,165ක් (10.5% වර්ධනය) ලෙසත්, සේවා අපනයන ආදායම ඩොලර් මිලියන 367ක් (24.5% වර්ධනය) ලෙසත් වාර්තා වී ඇති බව ඒ් මහතා වැඩි දුරටත් සදහන් කරයි.

Share This