El mancho හදපු සුපිරි Delta හමුදාව
මේ තියෙන්නේ එල් මෙන්චෝගේ CJNG කල්ලියේ ඡයාරූප. තමන්ගේ නායකයා වෙනුවෙන් මුළු මෙක්සිකෝවම ගිනිබත් කරන ලොව දරුණුම අපරාධ කල්ලිය විදියට හදුන්වන්නේ මොවුන් තමයි .CJNG කියන්නේ සාමාන්‍ය කුඩු කල්ලියක් නෙවෙයි. ඔවුන් සතුව රොකට් විදින (Rocket Launchers), නවීනතම ස්නයිපර් තුවක්කු, සහ පතොරම් ඒ වගේම වෙඩි වදින්නේ නැති සන්නද්ධ වාහන (Monstros) තියෙනවා. CJNG කල්ලිය කියන්නේ 2015 දී හමුදා හෙලිකොප්ටර් එකක් පවා වෙඩි තබා බිම හෙළපු පිරිසක්!නායකයාගේ මරණයත් එක්ක ඔවුන් දැන් පාරේ යන ඕනෑම කෙනෙක්ට වෙඩි තැබීමේ ‘Code Red’ නිවේදනයක් නිකුත් කරලා මුළු රටම භීතියට පත් කරලා ඉවරයි. මෙක්සිකෝවේ බලවත්ම සිනලෝවා කාටෙලය පවා අභිබවා යමින්, ලෝකයේ ප්‍රචණ්ඩකාරීම මත්ද්‍රව්‍ය ජාලය බවට මේ CJNG කල්ලිය පත් වෙලා ඉවරයි. ඔවුන් දැන් තාක්ෂණය පාවිච්චි කරලා ඩ්‍රෝන් යානා මගින් ප්‍රතිවිරුද්ධ කල්ලිවලට සහ පොලීසියට බෝම්බ ප්‍රහාර එල්ල කරනවා. දැන් මේක හරියට මෙක්සිකෝවේ යුද තත්ත්වයක් වගෙයි. මේ කල්ලියට අලුතින් බැඳෙන සාමාජිකයන්ට දෙන පුහුණුව අතිශය බියකරුයි. සමහර වාර්තා වලට අනුව ඔවුන්ගේ සතුරන්ගේ හදවත පවා අමුවෙන් කෑමට ඔවුන්ට නියෝග කරනවා. ඒ තරමටම මේ කල්ලිය අනුකම්පාවක් නැති පිරිසක්. මෙක්සිකෝවෙන් එහාට ගිහින් ඇමෙරිකාව, යුරෝපය සහ ආසියාව දක්වාම ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාලය විහිදිලා තියෙනවා. ලෝකයේ ප්‍රචණ්ඩකාරීම කල්ලියක් විදිහටයි ජාත්‍යන්තර පොලීසිය CJNG හඳුන්වන්නේ. මේ කල්ලිය මේ තරම් දරුණු වුණේ ඔවුන්ගේ නායක “එල් මෙන්චෝ” කලින් පොලිස් නිලධාරියෙක් වුණු නිසා. ඔහු පොලීසිය සහ හමුදාව වැඩ කරන විදිහ හොඳටම දන්නවා, ඒ නිසාම තමයි ඔහු මෙච්චර කල් බේරිලා හිටියේ. හැබැයි නායකයා මැරුණත් ඔවුන්ගේ සටන ඉවර නැහැ! CJNG සාමාජිකයන් දැන් හමුදාවට අභියෝග කරන්නේ නගර මැද ‘ලේ ගංගා’ ගලවන්නයි. අත්අඩංගුවට ගත් තමන්ගේ නායකයන් නිදහස් කරගන්න පවා රජයේ මන්ත්‍රීවරුන්ව සහ ඉහළ නිලධාරීන්ව ප්‍රසිද්ධියේ ඝාතනය කරන්න ඔවුන් පසුබට වෙන්නේ නැහැ. මේ දකින්න ලැබෙන්නේ ඒ මාරක කල්ලියේ අවසානයද, නැත්නම් තවත් බියකරු යුගයක ආරම්භයද? කියලා මුළු ලෝකෙටම හිතා ගන්න බෑ
