ජනපති අනුර නව දිල්ලියට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය සහිතව AI Impact Summit 2026 සඳහා සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) පස්වරුවේ නවදිල්ලි නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.
රාජ්‍ය අමාත්‍ය Shri Raj Bhushan Choudhary මහතා ඇතුළු පිරිසක් විසින් එහිදී ජනාධිපතිවරයාව ඉතා හරසරින් පිළිගන්නා ලදී.
කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් මෙම සමුළුව නවදිල්ලි නුවර දී පැවැත්වෙන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද හෙට දීන සමුළුව ඇමතීමට නියමිත ය.
මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හාන්ස් විජේසූරිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල යන මහත්වරුද ජනාධිපතිවරයා සමඟ මෙම සමුළුවට එක්වීමට නියමිත ය.
