සෞඛ්‍ය ඇමැති හදන්නේ ඇඟේ හයියෙන් ප්‍රශ්න විසඳන්නයි

(බණිදු ලෝකුරුගේ)
අද වන විට රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් නිර්මාණය වෙලා. තම ගැටලුවලට විසඳුම් නොමැතිව වෛද්‍යවරු ඇතුළු තවත් වෛද්‍ය වෘත්තකයින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවෙලා. මේ කිසිවක් ගැන හොයා බැලිල්ලක් නැතිව සෞඛ්‍ය ඇමැතිවරයා මේ දවස් වල අධ්‍යාපන ඇමැති බේරගන්න දඟලනවා යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පැවැසීය.
ඒ මහතා මෙසේ පැවැසුවේ ස්වර්ණවාහිනි නාලිකාවේ නාඩිය වැඩසටහනට එක්වෙමිනි. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් සමග සමගියෙන් සාකච්ඡාවෙන් මෙම ප්‍රශ්න විසඳාගන්නවා වෙනුවට සෞඛ්‍ය ඇමැති හදන්නේ ඇඟේ හයියෙන් ප්‍රශ්න විසඳන්න යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා කිව්වා මේ රටේ පාසල් දරුවන්ට ඉගෙන ගන්න මෙවලම් ටිකට වැට් ගහන බූරුවො ටිකක් තමයි පහුගිය කාලේ ආණ්ඩු කළේ කියලා. අපි ආපු ගමන් මේක නතර කරනවා කිව්වා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බදු ඉවත් කරලා සෞඛ්‍ය කියන මූලික අයිතිවාසිකම මිනිසුන්ට ලබාදෙන්න තියෙන බාධාවන් සියල්ල ඉවත් කරනවා කිව්වා. නමුත් තවමත් ඒ කිසිවක්ම ඉටුකිරීමට ආණ්ඩුවට නොහැකි වූ බවද ඒ මහතා පැවැසීය.
