ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකට ශ්‍රීලනිප සූදානම්

(එන්. අමරසිංහ)
ඉදිරියේදී පවත්වනු ලබන ඕනෑම මැතිවරණයක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කිරීමට සූදානම් බව එම පක්ෂයේ භාණ්ඩාගාරික හිටපු ඇමැති ලසන්ත අලගියවන්න පැවැසීය.
ස්වර්ණවාහිනී නාලිකාවේ නාඩිය වැඩසටහනට එක්වෙමින් මේ බව පැවැසූ ලසන්ත අලගියවන්න මහතා එහිදී මෙසේද පැවැසීය.
වත්මන් රජය බලය ලබාගැනීමේදී ඉදිරිපත් කළ වැඩසටහනේ පෙරමුණේම පැවැති කරුණක් වූයේ රටට නව ව්‍යවස්ථාවක් ගෙනඒම සහ නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම බවත් නමුත් රජය තවමත් ඒ පිළිබඳ සූදානමක් නොමැති අයුරු පෙනෙන්නට ඇති බවත් එමනිසා කුමන වසරක නැවත මැතිවරණයක් පැමිණේදැයි සිතිය නොහැකි බවත් පැවැසීය.
කෙසේවුවත් මීළඟට පැත්වීමට නියමිතව ඇත්තේ පළාත් සභා මැතිවරණය විය හැකි බවත් පැවැසූ ඒ මහතා ඒ සඳහා තම පක්ෂය සූදානම් බවත් ශ්‍රීලනිප සමග එක්වීමට කැමැති තවත් පක්ෂ හා සංවිධාන එක්කරගෙන එම මැතිවරණයට සංධානයක් ලෙස ඉදිරිපත්වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
