ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ගැටුම අද කලකට පසු ධනංජයත් ඇවිත්

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ගැටුම අද කලකට පසු ධනංජයත් ඇවිත්

(ඉෂාර ගයාෂාන්)
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරගාවලියේ පළමු එක්දින තරගය අද (22දා) ප.ව. 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වේ.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම චරිත් අසලංක මෙහෙයවන අතර එංගලන්ත එංගලන්ත කණ්ඩායම හැරි බෲක් ‘විසින් මෙහෙයවනු ලබයි. කලකට පසු ශ්‍රී ලංකා එක්දින සංචිතයට ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා කැඳවා ඇත.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මෙම තරගාවලියට එක්දින තරග 3ක් සහ විස්සයි-20 තරග 3ක් ඇතුළත් වේ. එක්දින තරගාවලිය 22, 24 සහ 27 ‘කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරග ලෙසත්, ‘විස්සයි-20 තරගාවලිය 30,
’01 සහ 03 රාත්‍රි තරග ලෙස පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරත්වයෙන් පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලානයට පෙර සූදානමක් ලෙස මෙම තරගාවලිය පැවැත්වෙයි.
‘ශ්‍රී ලංකා සංචිතය – චරිත් අසලංක, පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, පවන් රත්නායක, ධනංජය ද සිල්වා, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, ජෙෆ්රි වැන්ඩසේ, මහේෂ් තීක්ෂණ, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන් සහ ඒෂාන් මාලිංග.

Share This