විදුලියෙන් රතු එළියක්

විදුලියෙන් රතු එළියක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරණයේදී පොරොන්දු වූ සිය ඉල්ලීම් ඉටු නොකර ඈවර කිරීමේ ගැසට්පත්‍රය නිකුත් කළහොත් පෙර දැනුම්දීමකින් තොරව වැඩ වර්ජනයක යෙදෙන බව විදුලි වෘත්තිය සමිති අනතුරු අඟවයි.
ඉංජිනේරු සංගමය, තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය, කාර්මික ශිල්පීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති 24ක් මේ සඳහා එක්වීමට සූදානම් බැව් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එහි නියෝජිතයෝ පැවසූහ.
ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවට අනුප්‍රාප්තික සමාගම් 6 පිහිටුවීමත්, ඒ සඳහා වත්කම්, වගකීම් හා රාජකාරි කාර්යන් සහ ක්‍රියාකාරකම් පවරන ආකාරය මූලික පැවරුම් සැලැස්ම නීතිපති, මුදල් අමාත්‍යවරයා සහ මහා භාණ්ඩාගාරයේ උපදේශනයන්ට යටතේ පිළියෙල කිරීම් අවසන් කර ඇත. ඒ අනුව මින් ඉදිරියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව එම මණ්ඩලය අහෝසි වන දිනය විෂයභාර අමාත්‍යවරයා මගින් ගැසට් කිරීමට නියමිතය.

Share This