විස්සයි 20 ලෝක කුසලානය හෙට මෙරටට

විස්සයි 20 ලෝක කුසලානය හෙට මෙරටට

2026 වසරේ පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය තරගාවලියට පෙර ලොව පුරා රටවල සංචාරය කරන අතර එම කුසලානය හෙට (21දා) ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතයි.
ඒ අනුව 21 සිට 24 දක්වා දින හතරක් පුරා මෙම කුසලානය දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.

මෙම කුසලානය මෙරට සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමටද නියමිතයි.

2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරනු ලබයි.

ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගය අතරතුරදී ක්‍රීඩා ලෝලීන්ට මෙම කුසලානය දැකබලා ගැනීමට අවස්ථාව හිමිවන අතර, පසුව මහනුවර, දඹුල්ල සහ යාපනය යන ප්‍රධාන නගර කරා ද මෙම කුසලානය රැගෙන යාමට නියමිතය.

Share This