කොටන බස්වලට වැඩ වරදින හැඩ – සියලු පෞද්ගලික බස්වලට GPS තාක්ෂණය

(නිමල් දයාරත්න)
බස්නාහිර පළාත තුල ධාවනය කරනු ලබන සියලු පෞද්ගලික බස් රථ ආවරණය වන පරිදි GPS යන්ත්‍ර සවිකිරීම මෙම මාර්තු මස අවසන් කෙරෙන බව මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජයසිංහ මහතා පවසයි.
පහළොස්දහසකට ආසන්න සියලුම පෞද්ගලික බස් රථ සඳහා GPS යන්ත්‍ර සවිකිරීම ද මෙම වසර තුළ දී සිදුකෙරෙන බවත්, මඟී ජනතාවගෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව ද සභාපතිවරයා පැවසීය.
මේ වන විටත් කඩවත සිට අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස් රථ 101ක් සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දුන් බවත්, ඉතාමත් සාර්ථකව එය ක්‍රියාත්මක වන නිසා මෙම යන්ත්‍ර භාවිත කිරීමට ශ්‍රී ලංකාවේ සියලුම පෞද්ගලික බස් රථවල සිදුකිරීමට කටයුතු යොදන බව ද ගාමිණී ජයසිංහ මහතා පවසයි.
විශේෂයෙන් ම පෞද්ගලික බස් රථ නිසි කාලය තුළ ධාවනය නොකිරීම. බහුතරයක් බස් රථ ඉතා සෙමින් ධාවන කිරීම, ගමනාන්තයේදී ඉතා වේගයෙන් ධාවනය කරන බවට මඟීන්ගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවත්, එකී පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම යන්ත්‍ර බස් රථ තුළ සවිකිරීමෙන් නියමිත වේලාව තුළ ගමනාන්තයට පිවිසෙනවා ද සොයාබලා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව ද පැවසීය.
ප්‍රවාහන අමාත්‍යාංශය, මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරිය සහ පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරි නවය එකතු වී මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ දිනවල ඊට අදාළව යොදා ගන්නා IT තාක්ෂණය සම්බන්ධයෙන් සාකච්ඡා කරනගෙන යන බවත්, ආණ්ඩුකාරවරුන් සමඟ ද අදාළ ගැසට් නිවේදනය සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන බව ද වැඩිදුරටත් සභාපතිවරයා පැවැසීය.
