නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු හෙට

නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු හෙට

(නිමල් දයාරත්න)
ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ අවසන් කටයුතු හෙට (21) වැනිදා පස්වරුවේ වාද්දුව මහජන ක්‍රීඩාංගණයේදී සිදුකෙරේ.
ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායක හා ලේකම් ලෙස ද කටයුතු කළ ඒ මහතා 1999 වසරේ ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ අපේක්‍ෂකයකු ලෙස ඡන්ද 34,4173ක් ලබාගනිමින් 3 වැනි ස්ථානයට පත්විය.
1989 වසරේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමේ කාර්යයේදී නන්දන ගුණතිලක මහතා දැවැන්ත කාර්යභාරයක් ඉටුකළේය.
කෙටි කලක් රෝගාතුරව සිටි ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය

Share This