කසිප්පු විසවී වෙන්නප්පුවේ 5ක් මරුට

කසිප්පු විසවී වෙන්නප්පුවේ 5ක් මරුට

(නිමල් දයාරත්න)
නීති විරෝධී මත්පැන් පානය කළ වෙන්නප්පුව, වයික්කාල හා තඹරවිල ප්‍රදේශවල පුද්ගලයින් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔවුන් 5දා  වෙන්නපුව ප්‍රදේශයෙන් රැගෙන ආ නීති විරෝධී මත්පැන් වර්ගයක් පානය කර ඇති අතර ඒ අතරින් තිදෙනෙකු ඊයේ (6දා) උදෑසන මියගොස් තිබුණි.
ඔවුන් අතරින් දෙදෙනෙකුගේ සිරුරු ඔවුන් සේවය කරන කර්මාන්ත ශාලාව ආසන්නයේ ඇති නවාතැන් පොළකින් හමුව ඇති අතර තවත් මළ සිරුරක් හමුව ඇත්තේ අසල නිවසක තිබියදීය.
ඉතිරි පුද්ගලයින් දෙදෙනා ද අසනීප තත්ත්වයෙන් මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයින් 27, 50 සහ 53 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය සඳහන් කරයි.
මත්පැන් විෂ වීමකින් මෙම මරන සිදුව ඇති බවට පොලිසිය සැක පළ කරයි.
මෙම මත්ද්‍රව්‍ය පානය කර රෝගී වූ තවත් තිදෙනෙකුද මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසුවේය.
මෙම නීති විරෝධී මත්පැන් අලෙවි කළ බවට පැවසෙන කාන්තාවක් ද වෙන්නපුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Share This