පාර්ලිමේන්තුව කැඳවන්න

පාර්ලිමේන්තුව කැඳවන්න

පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මහතා ඉල්ලීමක් කරයි.
පසුගියදා ඇති වූ ආපදා තත්ත්වයෙන් විශාල පිරිසක් දැඩි පීඩාවට ලක්ව ඇති බවත් මහජන නියෝජිතයන් වශයෙන් තම වගකීම ඉටු කිරීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් එම ඉල්ලීම කර තිබේ.
විශාල පිරිසක් මියගොස් ජන ජීවිතයට මෙන්ම ආර්ථිකයට මේ නිසා බරපතළ හානියක් සිදුව ඇති බව ද එය ගණනය කළ නොහැකි හානියක් බව ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට ඒ මහතා ලිපියක් යොමු කරමින් කියා සිටී. එසේම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ආණ්ඩුව මීට වඩා මැදිහත් විය යුතු බව ද එහි සඳහන් වේ.

Share This