වසර 12000කට පසු හේලි ගුබ්බි පුපුරා යයි

වසර 12000කට පසු හේලි ගුබ්බි පුපුරා යයි

ඉතියෝපියාවේ අෆාර් කලාපයේ අඩිස් අබාබා නගරයට සැතපුම් 500 ක් පමණ නුදුරින් එරිත්‍රියානු දේශසීමාව අසල පිහිටි හේලි ගුබ්බි ගිනි කන්ද පුපුරා ගොස් තිබේ. මෙම ගිනි කන්ද පුපුරා ගොස් ඇත්තේ වසර 12,000 ක් පමණ නිහඬ කාලයකින් පසු වීම විශේෂත්වයකි.
මෙම පිපිරීම හේතුවෙන් පිට වූ අළු වලාකුළු අවට රටවලට පවා පැතිරී ගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි.
අවසාන අයිස් යුගය අවසන් වීමෙන් පසු වසර 12,000 කට පමණ පෙර ආරම්භ වූ යුගයේ සිට හේලි ගුබ්බි ගිනි කන්දෙහි කිසිදු පිපිරීමක් වාර්තා වී නොමැති බව ගිනි කඳු පිළිබඳ විශේෂඥයින් පවසයි.
මීටර් 500 ක් පමණ උසකින් යුතු මෙම ගිනි කන්ද භූ තැටි දෙකක් හමුවන රිෆ්ට් නිම්නය තුළ පිහිටා තිබේ.

Share This