මිස් කොස්මෝ රූ රැජින තරගාවලියට කළණි අතුකෝරාළ බැංකොක් යයි
(කටුනායක – ටී.කේ.ජී. කපිල)
වියට්නාමයේ පැවැත්වෙන මිස් කොස්මෝ ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා කොස්මෝ රූ රැජින කළණි අතුකෝරාළ මෙනවිය 26 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව වී ගියාය.
මෙම තරගාවලියට ලෝකයේ රටවල් 80 ක රූ රැජිනියන් එකවන අතර නොවැම්බර් 26 දින සිට දෙසැම්බර් 20 දක්වා වියට්නාමයේ ප්‍රධාන නගර කීපයකදී එය පැවැත්වීමට නියමිතය.
කළණි මෙම තරගාවලිය සදහා සහභාගී වීමට 26 දින තායිලන්තයේ බැංකොක් නුවර බලා තායි ගුවන් සේවයේ ටී.ජී. – 308 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියාය.
කළණි අතුකෝරාළ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියකි.
